යුගදනවි දීමට එරෙහිව ජවිපෙන් රීට් පෙත්සමක්

115

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටසින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන මහත්වරු ඊයේ (26ද) අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළහ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා හා එහි සාමාජිකයන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු 43 දෙනකු නම් කර තිබිණි.

එකී කොටස් ඇමෙරිකානු සමාගමට ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණයට හා එකී ගිවිසුමට අදාළ යෝජනා හා ගිවිසුම් අධිකරණය හමුවට කැඳවන ලෙසත් ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලබාදී ඇති නිර්දේශ අධිකරණයට කැඳවන ලෙසත් නීතිඥ සුනිල් බටගල මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

 ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment