ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට අයැදුම්පත් භාර ගැනීම ජුනි මස 04 දින දක්වා සිදු කිරීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.
ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය
2025 ජුනි මස 13,14 සහ 15 දිනවල හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.
මෙවර තරගාවලියට සුපුරුදු පරිදි අවුරුදු 23 න් පහළ (පිරිමි සහ කාන්තා) අවුරුදු 20 න් පහළ (බාලක සහ බාලිකා) අවුරුදු 18 න් පහළ (බාලක සහ බාලිකා) සහ අවුරුදු 16 න් පහළ (බාලක සහ බාලිකා) වයස් සීමා යටතේ තරග ඉසව් අන්තර්ගත කොට තිබේ.
අවුරුදු 16 න් පහළ (2010 සහ 2011), අවුරුදු 18 න් පහළ (2008 සහ 2009), අවුරුදු 20 න් පහළ (2006 සහ 2007), අවුරුදු 23 න් පහළ (2003, 2004 සහ 2005) වර්ෂ වල උපත ලබා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර තරගාවලියට සහභාගි විය හැකිය.
ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන ජාත්‍යන්තර මට්ටමේ යොවුන් හා කනිෂ්ඨ තරග සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තෝරා ගැනීමේ සංචිතයට ක්‍රීඩක ක්‍රීඩීකාවන් ඇතුළත් කර ගැනීම ද මෙවර තරගාවලිය ආශ්‍රිතව සිදු කිරීමට සංවිධායකයන් බලාපොරොත්තු වෙති.
අවුරුදු 16 න් පහළ බාලක සහ බාලිකා
මීටර් 100, 200, 400, 800, 100 කඩුළු මතින් දිවීම, 300 කඩුළු මතින් දිවීම, උස පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම සහ මීටර් 3000 තරග ඇවිදීම
අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා
මීටර් 100, 200, 400, 800, 1500, 3000, 2000 බාධක දිවීම, 100 කඩුළු මතින් දිවීම (බාලිකා) 110 කඩුළු මතින් දිවීම (බාලක), 400 කඩුළු මතින් දිවීම, උස පැනීම, රිටි පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම, මීටර් 5000 තරග ඇවිදීම (බාලිකා) සහ මීටර් 10000 තරග ඇවිදීම (බාලක).
අවුරුදු 20 න් පහළ පිරිමි සහ කාන්තා
මීටර් 100, 200, 400, 800, 1500, 3000 (කාන්තා), 5000, 10000 (පිරිමි), 3000 බාධක දිවීම, 100 කඩුළු මතින් දිවීම (කාන්තා) 110 කඩුළු මතින් දිවීම (පිරිමි), 400 කඩුළු මතින් දිවීම, උස පැනීම, රිටි පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම, මීටර් 10000 තරග ඇවිදීම
අවුරුදු 23 න් පහළ පිරිමි සහ කාන්තා
මීටර් 100, 200, 400, 800, 1500, 5000, 10000, 3000 බාධක දිවීම, 100 කඩුළු මතින් දිවීම (කාන්තා) 110 කඩුළු මතින් දිවීම (පිරිමි), 400 කඩුළු මතින් දිවීම, උස පැනීම, රිටි පැනීම, දුර පැනීම, තුන් පිම්ම, යගුලිය දැමීම, කවපෙත්ත විසි කිරීම, මිටිය විසි කිරීම, හෙල්ල විසි කිරීම, මීටර් 10000 තරග ඇවිදීම
අනුරුද්ධ හේරත් බණ්ඩාර