ජාතික ලොතරැයි මණ්ඩලය ත්‍යාගලාභීන් අටදෙනකුට චෙක්පත් ප්‍රදානය කරයි

382

ජාතික ලොතරැයි මණ්ඩලයේ පසුගිය වකවානුවේ බිහිවූ සුපිරි ත්‍යාගලාභීන් හා ලාභිනියන් අටදෙනකු සඳහා චෙක්පත් ප්‍රදානය කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (9 දා) සිදුවිය.

එහිදී රුපියල් 15,25,13,340.80 ක (රුපියල් පහළොස්කෝටි විසිපන්ලක්‍ෂ දහතුන් දහස් තුන්සිය හතළිහයි සත අසූවක) මුදලක් මෙම පිරිස අතර බෙදා දෙන ලදී. එහිදී රුපියල් 26,021,988.00 (දෙකෝටි හැටලක්ෂ විසිඑක්දහස් නවසිය අසූඅටක) සුපිරි ත්‍යාග ජයග්‍රාහකයකු වන කිරිඳිවැල, එම්. ඒ. එල්. රුක්මන් සිරිපාල මහතා (දකුණු කෙළවර) තම චෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා (වම් කෙළවර) අතින් ලබාගත් අවස්ථාව.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නීතිඥ සංජීව එදිරිසිංහ හා ප්‍රධාන මූල්‍ය නිලධාරී ආචාර්යට හර්ෂ බණ්ඩාර යන මහත්වරුද මෙහි වෙති.

සටහන හා ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment