ශ්‍රී ලංකාවෙන් ලකුණු 510ක ඉලක්කයක්

366


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිල්හෙට් හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 418ක් ලබා ගත්තේය.ධනංජය ද සිල්වා 108ක් සහ කමිදු මෙන්ඩිස් 164ක් ලබාගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 280ක් ද බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 188ක් ද ලබා ගත්හ. ඒ අනුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 510ක ඉලක්කයක් හිමිව තිබේ.මේ වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 09ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment