ජාතික විද්‍යා පදනම තේරූ හොඳම පාසල් පර්යේෂණ වාර්තා දහය අතරට ත්‍රීමලයේ පේරමඩුව විදුහලත්

322

උගන්වන්න කිසිදු පහසුකමක් නැති වුණත් ජාතික මට්ටමේ ජයග්‍රහණයක්

ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කර තිබූ 2023, 2024 පර්යේෂණ වර්ෂය සඳහා දිවයිනේ විද්‍යා විෂය ඉගැන්වීම සිදුකරන පාසල් අතර ඉදිරිපත් කර තිබූ පර්යේෂණ වාර්තා අතරින් තෝරා ගන්නා ලද හොඳම 10 අතරට කන්තලේ ත්‍රි/පේරමඩුව විද්‍යාලයද ඇතුළත්ව තිබුණි.

දිවයිනේ සුපිරි පහසුකම් ඇති පාසල් හා සුපිරි දෙමාපියන්ගේ දරුවන් හා තරඟ වැදීමට මේ කුඩා පාසලේ දරුවන් තිදෙනකු විසින් තෝරාගත් තේමාව වූයේ, කලාපීය පාසල් පන්ති කාමරයේ තාප සුවපහසුව යන්නයි. පසුගියදා එය ඇගයීමට ලක්කරමින් කොළඹ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන දේශන ශාලාවේ දී සහතික පත් බෙදා දෙන ලදී.

මෙම ජාතික මට්ටමේ ජයග්‍රහණයේ විශේෂත්වය වන්නේ විද්‍යා කාමරයක් නොමැතිව වසර ගණනාවක්ම පොල්අතු පන්ති කාමරයක අකුරු කරමින්, ඉංග්‍රීසි පත්වීමක් ලැබ පැමිණි ඩී. එම්. එස්. දිසානායක නම් ගුරු පියාගෙන් විද්‍යාව උගනිමින් ලද උපදෙස් මඟ යමින් බී. එම්. මහීෂා ගිම්හානි, පී. බී. කුෂාණි කෞශල්‍යා හා පී. ජී. කවිඳු සංදීප යන තිදෙනා මෙම ජය ලබා ගැනීමයි.

ජාතික විද්‍යා පදනම තේරූ හොඳම පාසල් පර්යේෂණ වාර්තා දහය අතරට ත්‍රීමලයේ පේරමඩුව විදුහලත්

උෂ්ණ කලාපීය දරුවාගේ පන්ති කාමර උෂ්ණත්වය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට කොතෙක් දුරට බලපාන්නේද යන්න මෙම පර්යේෂණයෙන් ඔවුන් විග්‍රහ කර ඇති අතර මෙම ප්‍රදේශවල ගොඩනැඟිලි සෑදීමේදී සැලකලිමත් වියයුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව හොඳ පණිවිඩයක්ද අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදී ඇත.

කන්තලේ – ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment