ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කරන්න: ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලයි

178

මේ අවස්ථාවේ සන්සුන්ව ක්‍රියා කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය නැවතත් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව පවසයි.

මෙම මොහොතේ ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසත් දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ඇමෙරිකානු තානාපතිනිය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

අපි සියලු ප්‍රචණ්ඩත්වන් හෙළා දකින අතර නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බව ද එම ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය රාමුව තුළ සාමකාමී බල හුවමාරුවක් අත්‍යවශ්‍ය වන බව ද එමගින් වගවීම, විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් අනාගතයක් සඳහා වන ජනතා ඉල්ලීම් සාක්ෂාත් කරගත හැකි බව ද මෙරට ඇමෙරිකානු තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment