ජෙනරාල් ශවේන්ද්‍රට සේවා දිගුවක්

109

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සේවා දිගුවක් ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ 2024 ජුනි 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා මෙම පත්කිරීම වලංගු බවයි. ශවේන්ද්‍ර සිල්වා මහතා 2019 අගෝස්තු 21 වනදා සිට 2022 මැයි 31 වනදා දක්වා යුද හමුදාපති ධුරයේ කටයුතු කළ අතර එම තනතුර දරන අතරවාරයේදීම 2020 ජනවාරි 01 දා සිට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය. 2022 මැයි 31 දා යුද හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඒ මහතා 2022 ජුනි 01 දා සිට මේ දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment