ජොනීට එරෙහිව අනුර සාක්‍ෂි දෙයි

92

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර තිබූ නඩුවේ පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 24 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (29දා) නියෝග කළේය.

පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා ඊයේ (29දා) විවෘත අධිකරණය හමුවේදී නීතිඥ රසික දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්ෂි ලබාදුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය ලෙස තමන්ව හඳුන්වාගත් කණ්ඩායමක් විසින් 2017.10.15 වැනිදා ‘ජාතික සම්පත් සුරකිමු – දේශපාලන දඩයම නවතමු’ යන තේමාව යටතේ තංගල්ල නගර සභාවේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයක් මඟින් තමාගේ කීර්ති නාමයට සිදුවූ හානියට වන්දියක් ලෙස එම මුදල අයකර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා එම නඩුව පවරා තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment