ට්‍රම්ප් සමග සෙලෙන්ස්කිගේ කසුකුසුව

41

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය උළෙලට පෙර යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශාන්ත පීතර බැසිලිකාව තුළ හමුවී සාකච්ඡාවක් සිදු කරන ලදී.

විනාඩි 15 ක හමුව ඉතා ඵලදායී හමුවක් ලෙස ධවල මන්දිරය විස්තර කර තිබිණි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි ගැඹුරු සාකච්ඡාවක නිරත වී සිටින අයුරු සියල්ලෝගෙම නෙත් ගත් අවස්ථාවක් විය. ඉකුත් සිකුරාදා මොස්කව්හිදී ඔහුගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවති සාකච්ඡාවලින් පසුව, රුසියාව සහ යුක්රේනය “ගිවිසුමකට ඉතා ආසන්න” බව ට්‍රම්ප් පැවසූ දිනකට පසුව මෙම හමුව සිදුවිය.


advertistmentadvertistment