ටැටූ හිමිකරුට ‘ලොකු පැටී’ ලක්ෂ 16ක දීලා

1175

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සිදුවූ ටැටූ මධ්‍යස්ථානය ආරම්භ කිරීම සඳහා තමන්ට ‘ලොකු පැටී’ නමැති අපරාධකරුගෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් ලැබුණු බව එහි හිමිකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත. ‘ලොකු පැටීගේ’ ඉල්ලීම මත තමා ක්ලබ් වසන්තට එය විවෘත කිරීමට ඇරියුම් කළ නමුත් මෙම ඝාතන සැලැස්ම ගැන දැන නොසිටි බව ඔහු පවසා තිබේ. ක්ලබ් වසන්ත ඉකුත් 08 වැනිදා උදෑසන අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයේ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.ක්ලබ් වසන්තගේ බිරිඳගේ පපුව ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර ඇය හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.කේ සුජීවාගේ පාදයකට වෙඩි වැදී ඇත.ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මේ වනවිට සැත්කමට ලක්කර සාමාන්‍ය ප්‍රතිකාර වාට්ටුවකට මාරු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.


advertistmentadvertistment