ටෙස්ට් තරගාවලියට පෙර 20-20 පවත්වන්න: ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි

284

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තරග කාලසටහන පන්දුවාර 20-20 තරගාවලියෙන් ආරම්භ කිරීමට හැකි ද යන්න සලකා බලන ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් විමසා ඇති බව වාර්තා වේ.

ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට ඒ පිළිබඳව කරුණු අධ්‍යනය කරමින් සිටින බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉන්දීය තරග සංචාරයට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාවේදී පන්දුවාර විස්සයි විස්ස තරග පහකට සහභාගි වීමට නියමිත වේ.

ඒ අනුව ඔස්ටේ‍්‍රලියාවේදී ආරක්ෂිත බුබුළකට සම්බන්ධ වන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දිය සංචාරයේ දී පළමුව පන්දු වාර 20 20 තරග පැවැත්වෙන්නේ නම් කෙළින්ම ඒ සඳහා යොමු කිරීමට හැකි බවත් නොමැති නම් සීමිත පන්දු වාර කණ්ඩායම දෙවතාවක් කෙටි කලක් තුළ ආරක්ෂිත බුබුළ දෙකකට ලක් කිරීමට සිදු වීමේ අපහසුතාවය සලකා බලා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් අදාළ ඉල්ලීම සිදු කර ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ පෙබරවාරි 25 වැනිදා සිට මාර්තු 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ටෙස්ට් තරග දෙක බෙංගලාරු සහ මොහාලි හිදී ද පන්දුවාර 20 20 තරග 3 ධර්මශාලා, මොහාලි සහ ලක්නව් හිදී පැවැත්වීමට නියමිත වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment