ඩයලොග්, Star Points සවිබලයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI සුබපැතුම් පත් එළිදක්වයි

14

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Star Points හා එක්වෙමින්, Artificial Intelligence (AI – කෘතිම බුද්ධිය) තාක්ෂණය යොදාගෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI සුබපැතුම් පත් එළිදක්වයි. මේ හරහා පාරිභෝගිකයන්ට තමන් කැමැති පරිදි තමන්ටම සුවිශේෂී වූ සුබපැතුම් පත් නිර්මාණය කර හිතමිතුරන් හා ආදරණීයයන් සමග බෙදා ගැනීමට අවස්ථාව උදාවේ.

විවිධ පරාසයන් පුරා ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන AI තාක්ෂණය,

පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතය තුළට සමීප කරලීමට නව්‍යකරණයේ ඉදිරියෙන්ම සිටින ඩයලොග් සැමවිටම කැපවී සිටියි. එහි සුවිශේෂී නවෝත්පාදනයක් ලෙසින් එළි දක්වන, පාරිභෝගිකයින්ගේ කැමැත්ත පරිදි සකස් කර ගත හැකි මෙම AI සුබ පැතුම් පත් සේවාව, ඔවුන්ගේ නිර්මාණශීලීත්වය, අවේණික බව මෙන්ම, අර්ථාන්විත සම්බන්ධතා වර්ධනය කිරීමට ඉවහල් වේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී ඇන්තනී රුද්‍රිගු මහතා මේ පිළිබඳ මෙලෙස අදහස් දැක්විය. ”‍ඩයලොග් ආසිආටා හි අපි, සැමවිටම අපගේ පාරිභෝගිකයන් සවිබල ගන්වමින් ඔවුන්ගේ ජීවින තත්ත්වය උසස් කිරීම සඳහා තාක්ෂණයේ නවතම ඉසව් පිළිබඳ නිරුතුරුවම සොයා බලනවා. AI තාක්ෂණය භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම සුබපැතුම් පත් එළිදැක්වීම, අපගේ AI ගමන් මගෙහි වැදගත් පියවරක් සනිටුහන් කරන්නක්. මෙම නව්‍ය සේවාව පාරිභෝගිකයන්ගේ එදිනෙදා ජීවිතයේදී ඔවුන්ට නිර්මාණශීලීව තමන්‌ගේ ආදරණීයයන් සමගින් වඩාත් සමීප සම්බන්ධතා පවත්වා ගැනීමට ඉඩකඩ සලසනවා. එමෙන්ම AI තාක්ෂණය භාවිතය හරහා පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවිතය තුළ කටයුතු පහසු කරලීමේ ගමන් මගෙහි ශ්‍රී ලංකාවේ පෙරගමන්කරු වීමට හැකිවීම සම්බන්ධව අප සතුටුවෙන අතර, AI තාක්ෂණය තුළින් පාරිභෝගිකයාගේ ජීවන රටාවෙහි පරිවර්තනයක් කිරීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි.”

advertistmentadvertistment
advertistmentadvertistment