අන්තර්ජාල පහසුකම් සහ ඉහළ GB ප්‍රමාණයක data ලබාදෙන්නේ යැයි කියමින් සිඳුවන වංචාවක් හෙළිවේ . වෙසක් වෙනුවෙන් ” ඩේටා දන්සල ” යනුවෙන් , දුරකථන පහසුකම් ලබා දෙන විවිධ සමාගම්වල නම් යටතේ මෙම වංචාව සිඳුවන බව පොලිසිය පවසයි.
දුරකථන පරිශීලකයන් රැවටිලිකාර ( fake ) යෙදුම්වලට (app ) හෝ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමදක්වා වූ වංචාවන් මෙමගින් සිඳු වන බව පොලිසිය කියයි .එහෙයින් , තම දුරකථනවලට ලැබෙන තාවකාලික මුරපද (OTP) තෙවැනි පාර්ශවයන් සමඟ බෙදානොගන්නා ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම දීමනා සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බව පොලිසිය පවසන අතර, විශේෂයෙන් සත්‍යාපනය නොකළ වෙබ් අඩවි හෝ ජංගම යෙදුම්වල කිසිදු පෞද්ගලික තොරතුරක් ලබා නොදෙන ලෙස මහජනතාවට අනතුරු අඟවයි.