ඩොලර් නොදෙන නිසා කිරිපිටි ප‍්‍රති අපනයනයට සැරසෙති

534

වරායේ සිරවී ඇති මෙරටට ආනයනය කළ කිරිපිටි තොග නිදහස් කරගැනීමට බැංකු මගින් තවමත් තමන් වෙත ඩොලර් නිකුත් නොකිරීම නිසා අදාළ කිරිපිටි තොග ඉන්දුනීසියාව හෝ බංග්ලාදේශය වෙත ප‍්‍රති අපනයනය කිරීමට තීරණය කළ බව කිරිපිටි ආනයනයකරුවෝ පවසති.

ඊයේ දක්වාම මෙම ගැටලුවට රජයෙන් විසදුම් නොලැබීම නිසා තමන් ආනයනය කළ, වරායේ රදවාගෙන සිටින කිරිපිටි තොග මෙලෙස ඉන්දුනීසියාව හා බංග්ලාදේශයට ප‍්‍රතිඅපනයනය කිරීමට අපේක්‍ෂා කරන බව කිරිපිිටි ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment