තමාට පෙර පූසා ගොඩගන්නැයි තුර්කි භූමිකම්පාවෙන් විපතට පත් අයෙක් ඉල්ලයි

456

භූමිකම්පාව බලපෑ දකුණු දිග තුර්කියේ පළාතක් වන ‘හටායි’ පළාතේ සුන්බුන් අතර සිටි විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයකු එම සුන්බුන් අතරින් ගොඩගැනීමට සහන කණ්ඩායමක් එහි ගිය අවස්ථාවේදී එම සිසුවා තමාව ගොඩ ගැනීමට පෙර සුන්බුන්වලට යටවී සිටින සුරතලයට ඇති දැඩි කරන ගැහැනු පූසාව ගොඩ ගන්නා ලෙස කළ ඉල්ලීමක් හේතුවෙන් එම පුවත සමාජ මාධ්‍ය ජාලා තුළ වෛරසයක් මෙන් පැතිර ගොස් තිබේ. මේ අනුව තුර්කි සහන කණ්ඩායම් විසින් කෙරෙම් සෙටින් නමැති විශ්ව විද්‍යාල සිසුවා සුන්බුන් අතරින් ගොඩ ගැනීමට පෙර ඔහුගේ රැකවරණය යටතේ සිර වී සිටි ‘ස්ට්‍රෝබෙරි’ නමැති පූසිය ගොඩගැනීමට පියවර ගෙන තිබේ.

ඉකුත් 06 වැනිදා තුර්කියේ හා සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් පසු සෙටින් සහ ඔහුගේ පූසා කඩා වැටුණු ඔවුන් සිටි ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යට වී සිටි අතර සෙටින් සිය පූසිය රෙදි කිහිපයකින් ඔතා ආරක්ෂිතව තබා ගෙන සිටි බව අනාවරණය වී තිබේ. සහන කණ්ඩායම් විසින් මෙම පූසිය සුන්බුන් අතරින් ගොඩ ගන්නා අවස්ථාවේ ඇය තරමක් බියෙන් හා කම්පනයෙන් සිට තිබේ. ‘ස්ට්‍රෝබෙරි’ ගොඩ ගැනීමෙන් පසු ඇයගේ භාරකරු වන විශ්වවිද්‍යාල සිසුවාද සහන කණ්ඩායම් විසින් ගොඩ ගෙන තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment