වෘත්තියේ යෙදෙන ත්‍රිරෝද රථ රියැදුරන් සියයට 95 ක්ම දින පහ හයක සිට ඉන්ධන පෝලිම්වල දුක් විඳින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘දිවයින’ට (28 දා) පැවසීය.
දැනට ත්‍රිරෝද රථ වෘත්තියේ යෙදෙන රියැදුරන් ලක්ෂ 8 1/2 ක් පමණ සිටින බවත්, ඉන්ධන අර්බුදය හමුවේ එම රැකියාවෙන් යැපෙන ලක්ෂ 40 කට අධික පිරිසක් අන්ත අසරණභාවයට පත්ව ඇති බවත් ඒ මහතා කීවේය.
මෙහිදී තවදුරටත් කථා කළ ලලිත් ධර්මසේකර මහතා මෙසේද කියා සිටියේය.
‘දවස් පහ හය තෙල් පෝලිමේ ඉඳලා ත්‍රිරෝද රථ වෘත්තිකයන් අද රෝගීන් බවට පත්වෙලා. පැය 65 ක් ඉන්ධන පෝලිමේ ඉඳලා මමත් ලෙඩ වුණා. වේල් 7 ක් කඩෙන් කෑවා. අද අපේ වෘත්තිකයන්ට හයර් එකක්වත් යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ රැකියාවත් අනතුරේ. පවුලේ අයගේ ජීවිතත් අනතුරේ.
ගෙදර කෙනෙක් රෝහලකට ගෙනියන්නත් ත්‍රිරෝද රථයක් අද පාරේ හොයා ගන්නවත් නැහැ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්