දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය 26 දා සිට

41

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය මේ මස 26 වැනිදා සිට 29 වැනිදා දක්වා මහනුවර මහනගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය වයස අවුරුදු 15න් පහළ සහ 19න් පහළ වයස් කාණ්ඩ යටතේ කණ්ඩායම් බාලක බාලිකා ඒකල, බාලක / බාලිකා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව්වලින් සමන්විත වේ. දකුණු ආසියානු මේස පන්දු සංගමයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ මාලදිවයින යන රටවල් සහභාගි වන බවට දැනුම් දී තිබුණ ද මේ වන විට ස්ථිර වශයෙන් ම සහභාගි වන බවට දැනුම් දී ඇත්තේ ඉන්දියාව සහ මාලදිවයින කණ්ඩායම් පමණක් යැයි සංවිධායක කමිටු සභාපති චන්දන පෙරේරා මහතා සඳහන් කරයි.

තරගාවලියේ තරග කුසපත් ඇදීම මේ මස 25 වැනිදා පැවැත්වෙන අතර තරගාවලිය සඳහා එක් වන කණ්ඩායම් එදිනට පෙර මෙරටට පැමිණිය යුතු බව සංවිධායක කමිටු සභාපති චන්දන පෙරේරා මහතා පවසයි.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment