දමිතාට සහ සැමියාට රට යන්න තහනම්

322

කොරියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දුවී රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ලබාගෙන වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියා විදේශ ගතවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය වහාම ෆැක්ස් මාර්ගයෙන් හා දුරකථන මාර්ගයෙන් ආගමන විගමන පාලකවරයා හා කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලධාරීන් ඇතුළු අදාළ සියලු පාර්ශ්වවලට යවන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවන් ලෙස නම්කර ඇති දමිතා අබේරත්න මහත්මිය හා ඇගේ සැමියාගෙන් ප්‍රකාශ සටහන් කිරීම සඳහා ඔවුන් පදිංචිව සිටි ස්ථානවලට සිය නිලධාරීන් ගොස් ඇතත් එම ස්ථානවලින් අතුරුදන් වී ඇති බවත් එලෙස සැඟව සිට රහසිගතව රටින් පලායෑමේ අවදානමක් ඇති බවත් පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment