දඹානේ කැකුලන්ට ඉංග්‍රීසි

86

දඹානේ ආදිවාසි කැකුළු කැකුළියන්ට නොමිලේ ඉංග්‍රීසි බස ඉගැන්වීමේ වැඩපිළිවෙළක් පොලිසිය මගින් දැන් ආරම්භ කර ඇත.

ආදිවාසි නායක ඌරුවරිගලාගේ වන්නිල ඇත්තන්ගේ ඉල්ලීමක් පරිදි මෙම ඉංග්‍රීසි ඉගැන්වීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට මුල්වී ඇත්තේ දඹාන සංචාරක පොලිසියේ සැරයන් (42307) රත්නපාල (85257) සැරයන් ඒකනායක යන පොලිස් නිලධාරීන් ය. බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල සහ මහියංගණ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රොහන් විජේරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම ඉංග්‍රීසි පන්තිය ආරම්භ කර ඇත. ආදිවාසි මුණගැසෙන්න පැමිණෙන විදේශීය සංචාරකයන් සමග සහභාගිවෙන සමහර සංචාරක මඟ පෙන්වන්නන්ට ඔවුන්ට වාසිදායක වෙන ලෙස භාෂාව හසුරුවන නිසා ආදිවාසින් මෙසේ ඉංග්‍රීසි බස හදාරන බව මහියංගණ පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment