පාඩු ලබන බව කියමින් බස් ඩිපෝ වසා ලංගම විනාශ කරන අපරාධයක්

167

ප්‍රවාහන සේවක සංගමයෙන් ජනපතිට ලිපියක්

පාඩු ලබන බවට සාවi ප්‍රකාශ කරමින් ඇතැම් බස් ඩිපෝ වසා දමා ලංගම විනාශ කිරීමේ ජාතික අපරාධය වැළැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ මෙසේද සඳහන් වේ.

මේ මොහොත වන විට ශ්‍රී ලංගම සේවකයන්ට සහ ශ්‍රී ලංගමයට බරපතළ ගැටලු රාශියකට මුහුණදීමට සිදුවී ඇත. ලංගම සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් බලහත්කාරයෙන් අයකර

ගැනීම, ලක්‍ෂයකට වඩා වැටුප් ලබන සේවකයන්ගෙන් අසාධාරණ ලෙස බදු අයකර ගැනීම, ලංගමය ප්‍රතිව්‍යුහගත කිරීමට මැදිහත්වීම, පාසල් සිසුන්ට ලබාදෙන වාර ප්‍රවේශපත්‍රවලට අය කරන මුදල සියයට 25 කින් වැඩි කිරීම, ලංගම සේවකයන්ට ලබාදෙන සියලුම සුබ සාධන ක්‍රියාවලි අත්හිටුවීම යන ක්‍රියාවන් අයි.එම්.එෆ්. වුවමනාව මත වර්තමාන ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ප්‍රවාහන බලධාරීන් විසින් සිදුකරමින් ඇත. මීට අමතරව වර්තමාන ප්‍රවාහන ඇමැතිවරයා පාඩු ලබන ලංගම බස් ඩිපෝ වසා දමන බවට ප්‍රකාශයක් ද නිකුත් කර ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment