කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය ඊයේ ඒකක දස දහස සීමාව ඉක්මවයි

313

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඊයේ (04දා) ගනුදෙනු අතරවාරයේදී ඒකක 10,000 සීමාව ඉක්මවා ගියේය.

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමගම ඊයේ පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල මෙසේ දැවැන්ත වර්ධනයක් වාර්තා විය.

මේ අනුව ඊයේ මධ්‍යහ්නය පසු වී කෙටි වේලාවක් ඇතුළත මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000 සීමාව පසුකර ගිය ඊයේ ගනුදෙනු අවසන් වන විට ඒකක 10076.64 ක් දක්වා සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබුණි. ඊයේ දිනයේ සටහන් වී තිබුණු ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 7.41 කි. එසේම ඊයේ කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 2992.82 ක් දක්වා ඒකක 279.17 කින් ද ඉහළ ගොස් තිබේ.

කොටස් ගනුදෙනු ආරම්භ වී ඊයේ මුල් හෝරාව තුළදී ඒකක 431.64 ක දැවැන්ත ඉහළ යෑමක් සියලු කොටස් මිල දර්ශකයට අනුව වාර්තා වී තිබුණ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියයට 4.57 ක ඉහළ යෑමක් විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment