ඩෙංගු පැතිරීම වලක්වාලන – හෝමියෝපති ප්‍රතිකාර

277

ආසියාතික රටවල මෙන්ම යුරෝපීය රටවල ප්‍රකටව පවතින හෝමියෝපති වෛද්‍ය ක්‍රමය එංගලන්තයේ එලිසබත් රැජිණ හා තම රජ පවුලම රෝගවලින් වළකාගැනීම උදෙසාත් ඒ වාගේම අතුරු ආබාධවලින් තොරව රෝගය පූර්ණ සුවය ලබාගැනීම උදෙසාත් භාවිතා කරන සුවිශේෂී වූ ප්‍රතිකාර ක්‍රමයකි.

 ඩෙංගු රෝගය ඊඩ්ස් ඊජිට්යි මදුරුවා රෝග වාහකය කරගත් රෝගයකි. මෙම වෛරසය ශරීරගත වී මුල් දින පහ ඇතුළත එමා රෝගියාගේ ලේ උරා බොන මදුරුවන් සිදු කරන නැවත දෂ්ට කිරීමේදී පමණක් රෝගය තව කෙනකුට බෝවීම සිදුවේ.

ඩෙංගු පැතිරීම වලක්වාලන - හෝමියෝපති ප්‍රතිකාර

ඩෙංගු මදුරුවා මිනිස් සිරුරට දෂ්ට කළ විට මදුරුවාගේ ඛේටය සමග වෛරසය ශරීරගත වේ. ඉන් පසු සුදු රුධිරාණුවන් හා බැඳෙන එම වෛරසය එයත් සමග සිරුර තුළ සංසරණය වෙමින් එම රුධිරානුව තුළදී ඛණ්ඩනය වෙමින් වර්ධනය වේ. වෛරස් ආසාදන හඳුනා ගන්නා සුදු රුධිරානු සංඥා ප්‍රෝටීන් නිපදමින් මේ බව බාහිරට දැනුම් දෙයි.

 මෙහිදී සිරුරේ ඇතිවන අභ්‍යන්තරව සිදුවන අසමතුලිතාවය විවිධ වූ රෝග ලක්ෂණ සංඥා බාහිරට පෙන්නුම් කරන ඇත.

● දින 02 සිට 07 දක්වා පවතින තද උණ.
 
 ● අස්ථ පේශි ගෙනෙන ඇඟ පතේ තද  වේදනාව.
 
 ● තද හිසරදය.
 
 ● ඇස් යට වේදනාව.
 
 ● බඩේ කැක්කුම.
 
 ● මුත්‍රා පිටවන ප්‍රමාණය අඩුවීම.


 මේ පෙන්නන්නාවූ රෝග ලක්ෂණයන් සමග හේතුව නසන පිළිවෙතත් නොවුවහොත් ඩෙංගු රෝගයේ උග්‍ර අවස්ථාවේදී වෛරසය වර්ධනය ඉතා ශීඝ්‍රයෙන් සිදුවේ. එවැනි අවස්ථාවකදී  වකුගඩු, අක්මාව හා හෘදය යන අභ්‍යන්තර ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවය වැනි රෝග ලක්ෂණ මතු විය හැක.

 මීට අමතරව එවැනි අවස්ථාවකදී රුධිර ප්ලාස්මානු දේහ කුහරවලට කාන්දු වීම, රුධිර පීඩනය පහළ බැසීම, රුධිර පට්ටිකා (ඡක්එැකැඑි) අගය ශීඝ්‍රයෙන් පහළ බැසීම සිදුවිය හැක. රුධිර කැටි ගැසීමේ කාර්යය සිදු කරන රුධිර පට්ටිකා අගය අඩු වීම නිසා අභ්‍යන්තර ලේ ගැලීම් වැළැක්වීම දුෂ්කර වේ. මෙහි අවසාන ඵලය වන්නේ මරණයට පත්වීමය.

 හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ප්‍රතිශක්තිකරණය එනම් ජීව බලය පදනම් කොට ගොඩනැඟී ඇත- මෙහිදී ජීව බලය වෙනස් වීම එනම් අසමතුලිතතාවය සමග හටගන්නා වූ රෝග ලක්ෂණවලට ප්‍රධාන තැනක් හිමිවනු ඇත.

 විවිධ ඉන්ද්‍රිය කිහිපයකින් සමන්විත අපගේ ශරීරය ක්‍රියාවලින් දන්වැල් පුරුක් මෙන් එකිනෙකට බැඳී පවතී. ජීව බලය යනු එකිනෙක සමතුලිතව පවත්වන්නාවූ ශක්තියකි. අපට හැඟීම, දැනීම, ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව ලබාදෙමින් නිරෝගීව තබාගනුයේ එම ජීව ශක්තියයි.

 එම ජීව ශක්තිය ක්‍රියා විරහිත වීම අපි මරණය ලෙස හඳුන්වමු. එම ජීව ශක්තිය දුර්වල වීමේදී ඇතිවන අසමතුලිතාවය රෝගය ලෙස අපි හඳුන්වන අතර එහිදී සිතේ හා කයේ හටගන්නා අසමතුලිතාවය පෙන්නුම් කරන අසාමාන්‍ය තත්ත්වයන් රෝග ලක්ෂණ වේ. රෝග ලක්ෂණ රෝගයේ ස්වාභාවික භාෂාව වේ.

 වෛද්‍ය සැමුවෙල් හානෙමාන්තුමා පැවසුවේ රෝග ලක්ෂණ තුළින් රෝගය හඳුනාගත හැකි බවත් රෝග ලක්ෂණයන් තොරවූ රෝගයන් සුව කිරීමට ද නොහැකි බවය.

 රෝග ලක්ෂණය අසමතුලිත වූ ජීව ශක්තියේ අනතුර අඟවන සංඥා මාර්ගයකි. එනම් රෝග ලක්ෂණය තුළින් අනතුර අඟවන සංඥා මාර්ගය වෙත ගොස් එහි මූලය නැති කිරීමට ‘සමාන දෙයින් සමාන දේ සුවපත් වේ’ යන එදා හානෙමාන්තුමා සොයාගත් විද්‍යානුකූල වූ හෝමියෝපති ප්‍රතිකාර නියම උපයෝගි කොට රෝග ලක්ෂණයට සමාන වූ නියමාකාර හෝමියෝපති ඖෂධ ශක්තිය සොයා රෝගියාට දීමෙන් රෝග ලක්ෂණය පහව යනුයේ එහි ක්‍රියාකාරීත්වය තුළින් රෝග මූලය සමතුලිතතාවය පත්වීමෙන් රෝගයට සුවය ගෙන දෙමින් රෝගියා සුවපත් වීමය. එනම් හෝමියෝපති ප්‍රතිකාර රෝග පාලනයක් නොවන අතර හේතුව නසන දුර්වල ප්‍රතිශක්තියට ජීවනය ගොඩනඟන්නා වූ ශක්තියකි.

 රෝගී භාවයේදී ඔවුන්ගේ සියලුම කායික හා මානසික රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙන එම රෝගියාට ආවේනික ප්‍රතිකාරය දෙනු ලබන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාරය රෝගයට නොවන බවත් රෝගියා කේන්ද්‍ර කොට සිදු කරන බවත් දක්වමින්ය.

 මේ අනුව ඩෙංගු  රෝගීන්ගේ විදහා දක්වන රෝග ලක්ෂණවලට හෝමියෝපති ප්‍රතිකාර දීම තුළින් ප්‍රතිශක්තිය ඉහළ යෑමත් සමග ඔවුන්ගේ රෝග ලක්ෂණයට හේතු වූ රෝග මූලය පහව යෑමත් සමග අඩුවී ගිය සුදු රුධිරානු හා රුධිර පට්ටිකා නැවත ගොඩනැඟීමත් සමග සමතුලතාවයට පත්වීමෙන් සම්පූර්ණ සුවය  රෝගීන්ට මෙතුළින් ලැබෙනු ඇත.

 හෝමියෝපති ඖෂධ මඟින් ඩෙංගු රෝගයට සුවය මෙන්ම, මෙහිදී වැදගත් වනුයේ රෝගය වැළඳීමට පෙර ලබාගත හැකි “හෝමියෝපති ඩෙංගු ප්‍රතිශක්තිකරණ ඖෂධයි”. එය  ලබාගැනීමෙන් ඩෙංගු රෝගයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඔබගේ ශරීරය තුළ  ගොඩනැඟීමෙන් රෝගය වැළඳීම වළකාගත හැකි බව මෙහිදී සතුටින් ඔබව දැනුවත් කරමි.

 එමෙන්ම සුවකළ නොහැකි යැයි පවසන අතරයිටිස්, පාකින්සන්, වැනි රෝග සඳහා ද හෝමියෝපති ප්‍රතිකාර ලබාදිය හැක. මෙහිදී රෝගීන්ගේ රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙන ප්‍රතිකාර කිරීම තුළ රෝගයට හේතුව නැති කිරීම මඟින් වේදනාව නැතිවී ඇදවූ පාද පවා යථා තත්ත්වයට ගෙනදෙමින් අතරයිටිස් රෝගය නිට්ටාවට සුවකළ හැක.

 එලෙසම පාකින්සන් රෝගීන්ගේ සියලුම රෝග ලක්ෂණ පහවී සම්පූර්ණ සුවය ලබාගත හැක.

 එපමණක් නොව ත්‍රිව් රෝග, නිධන්ගත රෝග හා බෝවන/බෝනොවන ආදී සෑම රෝගයකටම හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ලබාගත හැක.

 වැඩි විස්තර සඳහා දුරකථන අංක 071 8250716 වෙත ඇමැතිය හැකිය.

ඩෙංගු පැතිරීම වලක්වාලන - හෝමියෝපති ප්‍රතිකාර

වෛද්‍ය අනුෂා හේමකුමාර
 එච් කේ හෝමියෝපති
 හෙල්ත් කෙයාර් සෙන්ටර්
 නො.12,
 පී. බී. අල්විස් පෙරේරා මාවත,කටුබැද්ද, මොරටුව.

advertistmentadvertistment
advertistmentadvertistment