ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතරව සිය ආර්ථිකය සවිමත් කරගැනීම සඳහා මේ මහාර්ඝ උපාංගය ජීවිතයට ළංකරගත්, එයින් ජීවිතය ගොඩනඟාගත් ශ්‍රී ලාංකේය කතුන් දහස් ගණනකි.

මේ සමීප සබඳතාව හොඳින් දැන හඳුනාගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලෝක කාන්තා දිනය වෙනුවෙන් දියත් කළ ව්‍යාපෘතිය “සිංගර් දිරි වියමන්” නමින් හැඳින්වෙයි.

මැහුම් කලාව ලංකාව පුරා තවතවත් ප්‍රචලිත කිරීමත් ඒ ආශ්‍රිත ව්‍යාපාර රට පුරා ආරම්භ කිරීමත් එහි අරමුණ විය.

ආරම්භක පියවර වශයෙන් “සිංගර් දිරි වියමන්” පිළිබඳව සමාජ මාධ්‍ය හරහා කාන්තාවන් පුළුල් ලෙස දැනුවත් කෙරුණු අතර මුල් සති තුන ඇතුළත දිවයින පුරා වෙසෙන කාන්තාවන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් 1800කට වඩා ලැබී තිබීම දිරිගන්වනසුළු සහභාගිත්වයකි. ආචාර්ය නිසංකා කුසුම්සිරි, කාංචනා පෙරේරා සහ දෙවන්මිනි වික්‍රමරත්න යන අයගෙන් සැදුම්ලත් සිංගර් ශ්‍රී ලංකා විශේෂඥ මණ්ඩලයේ සියුම් පිරික්සීමකින් අනතුරුව ඒ අතුරින් 25 දෙනෙකු තෝරා ගන්නා ලදී. එසේ තෝරාගත් අයගෙන් වැඩි පිරිසක් 2024 පෙබරවාරි 09 වන දින පැවැති පරීක්ෂණයට සහභාගී විය. කතුන් කිහිපදෙනෙකු සම්මුඛ පරීක්ෂණයට එක්වූයේ සූම් තාක්ෂණය හරහා ය. ඒ අතුරින් හෙට දවසේදී ව්‍යවසායකයන් ලෙස සාර්ථක ඉදිරි ගමනක නියැළෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වඩා සුදුසු දිරිය කතුන් තුන් දෙනෙකු ලෙස තල්පේ මල්ෂා දිසානායක, වත්තල පී. ඒ. නිලන්ති සහ බණ්ඩාරගම සසිකා ප්‍රියන්ති නන්දරත්න යන අය තෝරා ගනු ලැබිණි.


advertistmentadvertistment