දිවයිනට පැමිණි විගස ඉන්දීය විදේශ ඇමැති වැඩ අරඹයි

252

අද උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර,නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාල ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමට එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ඊට අමතරව කොළඹ සහ ත්‍රිකුණාමලය ප්‍රදේශ වල ඉදිකරන ලද ආදර්ශ ගම්මාන දෙකක නිවාස 24 බැගින් භාරදීමද සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment