දුමින්දලාගේ වැඩවලට බාධා එපා – විජයදාසට කීර්තිට උසාවියෙන් වාරණයක්

193

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු එම පාර්ශ්වයේ ක්‍රියාකාරීන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හා වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විජයදාස රාජපක්ෂ මහතාට හා නීතිඥ කීර්ති උඩවත්ත මහතාට ඊයේ (20දා) වාරණ නියෝගයක් නිකුත් කළේය.

තමන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් සිදුකරන පක්ෂ ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශ්වයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විජයදාස රාජපක්ෂ මහතා හා එම පාර්ශ්වයේම වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත ඇතුළු පිරිසක් බාධා කරන බව පෙන්වා දෙමින් දුමින්ද දිසානායක මහතා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා එම නියෝගය කළේය.

දුමින්ද දිසානායක මහතා සිය පෙත්සම මගින් ඉල්ලා ඇති සියලු අතුරු සහන ලබාදීමට තම අධිකරණය තීරණය කළේ යැයි, විවෘත අධිකරණය හමුවේ පැවසූ ප්‍රධාන දිසා විනිසුරුවරයා ලබන 3 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝග නිකුත් කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment