දේශීය සිමෙන්ති මිල රු. 125 කින් ඉහළට

30

දේශීයව නිෂ්පාදනය කරන ප‍්‍රමුඛ පෙළේ සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (03 දා) මධ්‍යම රාත‍්‍රියේ සිට රු. 125 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව මෙතෙක් රු. 1375 ක් බවට සඳහන් කර තිබූ සිමෙන්ති කොට්ටයක නව මිල රු. 1500 දක්වා ඉහළ න`ගින බව සිමෙන්ති බෙදාහරින ප‍්‍රධාන පෙළේ සමාගමක නියෝජිතයෙක් ‘දිවයින’ට පැවසීය. මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලොරි මගින් රට පුරා සිමෙන්ති බෙදා හැරීමේ ගැටලූවක් මතුව ඇතැයි ද හෙතෙම කීය.

මේ තත්ත්වය තුළ රට පුරා සිමෙන්ති හිඟයක් මතුව ඇති බවත් මෙම තත්ත්වයෙන් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයටද බාධා එල්ලවී ඇති බවත් හේ සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment