ද.අප්‍රිකාවට බංග්ලාදේශය පරදී

239

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කළේය. ලකුණු 113ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශයට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 109ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment