නිවසක ගෘහ පොරොන්දම් හෙවත් එකොළොස් පොරොන්දම් අය – වැය – යෝනි – නැකත්, දින, අංශක, රාශි, තිථි, වගෘ, දේවතා ආයුෂ නොගැලපෙන ආකාරයට ගෘහ පින්ඩය පැවතීම තුළින් අයට වඩා වැය වැඩිවීමද නිවසේ නැකත ගෘහ හිමියාගේ නැතකට සීහුම් නොවීම තුළින් ජන්ම වධ විපත්, (ප්‍රත්‍යාරි) නැකත්වලට සීහුම් වීම නිසාද එම නිවසේ වගතුවක් ඇති නොවේ. ධනය විනාශ වීමට හේතු දේ. විශේෂයෙන් ගෘහ පින්ඩය මත නිවසේ වර්ගීකරණයේදී මනුෂ්‍ය වාසයට නුසුදුසු නිවාස වර්ග 04 වන ධුම වර්ගය, සුනඛාය වර්ගය, කොටලු ආය වර්ගය, කාකාය වර්ගය යන එකකට ලක්ව පැවතිය හොත් එම නිවාසවල මනුෂ්‍ය වාසයට නොගැලපීම නිසා අමනුෂ්‍ය දෝෂයන් වර්ධනය වනු ඇත. කෙසේ වුවද වාස්තු දෝෂ බලවත්වීම යනු අමනුෂ්‍ය, ප්‍රේත, කුම්භාණ්ඩ යන අශුභ ශක්තීන් බලවත්ව නිවැසියන් නොයෙක් තාඩන පීඩනවලට ලක් කරයි.
සමහර ගෙවල්වල පදිංචි සියලු දෙනාම රැකියාව කළත් මාසේ අන්තිම වෙද්දී අතේ සත පහක් ඉතුරු වන්නේ නැහැ. කොච්චර ඉතුරු කරන්න හැදුවත් අවසානයේ වෙන්නේ මාසේ අන්තිමට ණය වීමටය. ගොඩක් දෙනකු හිතනවා මේ ආර්ථික තත්ත්වයත් සමග එහෙම වෙනවා, කාලේ හැටි කියලා. නමුත් පොඩි පඩියක් අරන් මාසය තුළ කීයක් හරි ඒ අතරේ ඉතුරු කරන අයත් ඉන්නවා කියලා හිතනකොට අර මතය වෙනස් වෙනවා. එක්තරා ප්‍රදේශයක විශාල ප්‍රමාණයේ ව්‍යාපාරික කටයුතු කරන එක්තරා මහත්මයකුගේ නිවසක් මම පරීක්‍ෂාවට ගිහින් ඉන්න කොට එයා කියපු දෙයක් තමයි දිනකට එයා ලක්‍ෂ ගාණක් ගෙදරට ගෙනාවත් දවස් දෙකෙන් වාෂ්ප වෙනවා කියලා. මම එයාගේ ගෙදර පරීක්‍ෂා කරන කොට දැක්ක දෙයක් තමයි මේ අය මේ ගෙදර පදිංචියට ඇවිත් ඉතා කෙටි කාලයයි. ඒ පැමිණිදා සිට තමයි මෙහෙම මුදල් කාබාසිනියා වෙලා තියෙන්නේ. ඒ අයගේ කුස්සිය හෙවත් මුළුතැන්ගෙය පිහිටල තිබුණේ වයඹ දිශාවේ. වයඹ දිශාව කියන්නේ ගිනිකොන දිශාව තුළ මුළුතැන්ගෙය ඉදිකිරීමට නොමැති අවස්ථාවක විකල්ප දිශාව තමයි වයඹ දිශාව. ඉතිං වයඹ දිශාව තුළ මුළුතැන්ගෙය පැවතීම වරදක් නොවේ. නමුත් මෙහි විශාල වැරැද්දක් තිබුණා. එනම් කුස්සි පෝරණයට යාබදව තිබුණ බිත්තියට අල්ලා නාන කාමරය කොමඩ් එක සවිකර තිබුණා. ඒක ඉතාමත් අශුභ දෙන පිහිටීමක්. පංච ශක්තීන්ට අනුව බැලුවත් ආපෝ තේජෝ ගස්ටනයක් වගේම නිෂ්පාදනය හා විනාශ කිරීම එකම ස්ථානයක පැවතීමක්. මේ ගැන අවබොධ වෙනවානේ. ඉතිං මෙහෙම පවතින අවස්ථාවන් ඇති බොහෝ නිවාස මට හමුවෙලා තියෙනවා. 80%කට වඩා නිවාසවල වෙසෙන අයට අධික වියදම දරාගන්න අමාරුයි. ඒ වගේම මොන තරම් මුදල් ලැබුණත් මුදල් ටික බලන් ඉන්න කොට විනාශ වෙලා යනවා කිසිම වගතුවක් වෙන්නේ නෑ. මොකද උපයන සියල්ල පොළවට වළ දමනවා වගේ දෙයක් තමයි මෙහිදී වෙන්නේ. ඒ නිසා මෙවැනි පිහිටීම් ඇති ගෙවල්වල අය පොඩ්ඩක් සැලකිලිමත්ව බලන්න, ඔබගේ මුදල් කාබාසිනියා වෙන්නේ නැද්ද කියලා. තවත් දෙයක් තමයි මුළුතැන්ගෙයි පෝරණයට සම්බන්ධ නොවී නාන කාමරය තිබුණත් එම නාන කාමරයට යන්නේ කුස්සියේ තබා ඇති දොරකින් නම් ඒකත් මේ ගණයටම අයිති වෙනවා. මේකේම තවත් දෙයක් තියෙනවා ඒ තමයි. කුස්සිය යටින් හෝ කුස්සිය (බිම යටින්) වහලය යටින් වැසිකිළි නළ එළා පවතී නම් එම නිවසේ ද ධන විනාශය බලවත්ව සිදු වේ.
නිවසක විශාල ධන හානියට වගේම මුදල් කාබාසිනියා වීමට බලපාන ප්‍රධාන හේතුවකි එම නිවසේ ගේට්ටුව හෙවත් ප්‍රවේශය, ප්‍රධාන ද්වාරයට ඍජුව පැවතීම. සමහර විට ප්‍රධාන ද්වාරය බ්‍රහ්මවේධ දෝෂයට හෙවත් දොර මැදට මධ්‍ය රේඛාව වැටෙන ආකාරයට පැවතියොත් මෙහි බලපෑම තවත් දෙගුණ වේ. කෙසේ වුවද මෙම දෝෂය ද මුදල් කාබාසිනියා වී දුගී තත්ත්වයට පත් කෙරෙන්නක්.
කොපමණ මුදල් ඉපැයීම් කළ ද ඉතුරුවක් නොවී දිනෙන් දින පරිහානියට පත්වෙන ප්‍රභල වාස්තු දෝෂයකි නිරත දිශාවේ පවතින ළිඳ. මෙය ගෘහ හිමියාගේ මරණයට පවා හේතුවන්නක් බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. නිරිත ළිඳ පැවතීම එම නිවසේ මුදල් විනාශයට ප්‍රධාන හේතුවක් වේ. ඒ වගේම නිරිත වැසිකිළි වළ ද ඒ හා සමාන අශුභ දෙන්නකි. නිවසක ධන විනාශයට හේතු වේ.
නිවසක ප්‍රධාන උළුවස්ස ද එම නිවසේ ගෘහ හිමියාගේ ආර්ථිකය පිළිබඳ ප්‍රභල නියෝජනයක් දක්වයි. ප්‍රධාන උළුවස්ස වැරදි පාදයක පැවතීම ද වේධ දෝෂයන්ට ලක්වීම ද මෙයට සම්බන්ධ වේ.
භූමියෙහි දෝෂයන් අතර නිවසක් ඉදිකිරීමේදී උතුරු නැගෙනහිර දිශාවන් අන්ධ බිත්තිවලට ගැනීමත්, ඒ වගේම උතුර නැගෙනහිර භූමියේ අඩු ඉඩකඩක් තබා දකුණු බටහිර වැඩි ඉඩකඩක් පවතින ලෙසට නිවස ඉදිකිරීම තුළින් එම නිවසෙහි වෙසෙන අයගේ මුදල් කාබාසිනියා වීමට ප්‍රධාන කරුණක් වේ. සමහර නිවාස ඇළ මාර්ගයන්ට මායිම්ව පැවතීමත් එම ඇළ මාර්ග ගිනිකොන නිරිත දිශාවන්ට ගලා බැසීම ද එම නිවසට ද ධන හානි තත්ත්වයන් නිර්මාණය කරන්නකි. නිවසේ බ්‍රහ්මපාද ලක්‍ෂ්‍ය නිතර නිතර පෑගීමට ලක්වීමත් බ්‍රහ්මපාද ලක්‍ෂ්‍යය අත්තිවාරමට, බිත්තිවලට කොන්ක්‍රීට් කණුවලට, පඩිපෙළට හිරවීමක් සිදුව පවතී නම් එම නිවසේ ද ධනය ඉතුරුවක් නොවේ. දැඩි ආර්ථික පීඩාවන්ට ලක් වේ. තිබෙන ධනය විනාශයට ලක් වේ. යම් නිවසක් වාස්තු විද්‍යාත්මකව නිවැරදි ආකාරයට පැවතුනද එම නිවස පිහිටි භූමියේ පවතින හැඩය, ජලය බැස යාම, දිශාවන්ට දික්ව කෙටිව නතුවී පැවතීම ද එම භූමියේ පවතින දෝෂයන් නිවසට දැඩි බලපෑම් ඇති කරයි. භූමියේ පවතින ඍණ ශක්තීන් නිවසේ පවතින ධන ශක්තීන්ට ආරෝපනය වීමෙන් නිවස ද ඍණ ශක්තියට ලක්වීමත් නිසා එම නිවසේ ලෙඩ දුක, කරදර පීඩා හා මානසික පීඩාවන් අතර නිවසේ මුදල් හානිය ද බලවත්ව සිදු වේ. මෙවැනි භූමිවල දෝෂයන් අතර භූමියේ හැඩය ප්‍රධාන තැනක් ගනී. පොරව තලයක හැඩය ගත් ව්‍යංජන, භූමියත්, මධ්‍ය පහත් වුණ භූමිද ත්‍රිකෝණ හැඩය ගත් භූමි ද නිසි ලෙස මායිම් පිහිටා නැති භූමි හෙවත් විෂම භූමිද ඒ භූමි මත ඉදිකර පවතින නිවාසවල ධන හානිය හෙවත් මුදල් කාබාසිනියා වීම ඇති වේ.
නිවසක ගෘහ පොරොන්දම් හෙවත් එකොළොස් පොරොන්දම් අය – වැය – යෝනි – නැකත්, දින, අංශක, රාශි, තිථි, වගෘ, දේවතා ආයුෂ නොගැලපෙන ආකාරයට ගෘහ පින්ඩය පැවතීම තුළින් අයට වඩා වැය වැඩිවීමද නිවසේ නැකත ගෘහ හිමියාගේ නැතකට සීහුම් නොවීම තුළින් ජන්ම වධ විපත්, (ප්‍රත්‍යාරි) නැකත්වලට සීහුම් වීම නිසාද එම නිවසේ වගතුවක් ඇති නොවේ. ධනය විනාශ වීමට හේතු දේ. විශේෂයෙන් ගෘහ පින්ඩය මත නිවසේ වර්ගීකරණයේදී මනුෂ්‍ය වාසයට නුසුදුසු නිවාස වර්ග 04 වන ධුම වර්ගය, සුනඛාය වර්ගය, කොටලු ආය වර්ගය, කාකාය වර්ගය යන එකකට ලක්ව පැවතිය හොත් එම නිවාසවල මනුෂ්‍ය වාසයට නොගැලපීම නිසා අමනුෂ්‍ය දෝෂයන් වර්ධනය වනු ඇත. කෙසේ වුවද වාස්තු දෝෂ බලවත්වීම යනු අමනුෂ්‍ය, ප්‍රේත, කුම්භාණ්ඩ යන අශුභ ශක්තීන් බලවත්ව නිවැසියන් නොයෙක් තාඩන පීඩනවලට ලක් කරයි. නිවසේ අසමගිය ඇති කරයි. නොයෙක් බාධාකාරි දේ ඇති වේ. ප්‍රභල ධන විනාශයන්ට පත්කරමින් නිවසේ මුදල් කාබාසිනියා වීමට පටන් ගනී.
මෙයට අමතරව තව බොහෝ වාස්තු හා භූමි දෝෂයන් බලවත් වීම නිසා නිවැසියන්ගේ ජන ජීවිතයන් අඩාල කරමින් ඔවුන් උපයාගන්නා ධනය විනාශ වීමට පටන් ගැනෙනු ඇත.
දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.