කුඩු රොෂාන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

389

මට්ටකුළිය ප්‍රදේශයේ කුඩු ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරුවෙකු වන “කුඩු රොෂාන්” නැමැත්තා ඔහුගේ සොහොයුරෙකු සහ ඔවුන්ගේ තවත් ඥාතීන් පිරිසක් වරකාපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි එක් පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1ක ප්‍රමාණයක් සහ තවත් පුද්ගලයෙක් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 875ක්ද පොලීසිය සොයාගෙන ඇත.යුක්තිය මෙහෙයුම ආරම්භවීමත් සමග මෙම පිරිස නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් රැගෙන එහි නතරවී සිට යුක්තිය මෙහෙයුම අවසන්ව ඇති බවට සිතා නැවත කොළඹ වෙත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සැකකටයුතු වාහන දෙකක පිරිසක් කොළඹ දෙසට ගමන්කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවය.එම මෝටර් රථයේ සහ වෑන් රථයේ සිටි පිරිමි පුද්ගලයින් 10ක් කාන්තාවන් 05ක් සහ ළමුන් 08ක් පොලීසිය සිය භාරයට ගෙන විමර්ශන ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment