නත්තල් දිනය නිමිත්තෙන් රැඳවියන් 389 දෙනකු ජනාධිපතිවරයාගේ පොදු සමාව යටතේ අද (25දා) නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
කාන්තා රැඳවියන් 04 දෙනකු සහ පිරිමි රැඳවියන් 385 දෙනකු මෙසේ දිවයින පුරා පිහිටි බන්ධනාගාරවලින් නිදහස ලබන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී ඩී. දිසානායක මහතා පැවැසීය.
මත්ද්‍රව්‍ය, සංවිධානාත්මක අපරාධ ඇතුළු දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ නැති සුළු වැරදිවලට දඩගෙවා ගැනීමට නොහැකිව සිරගතව සිටින පිරිස් මෙසේ මුදාහරින බවද ඒ මහතා කීය.
මේ අතර අද බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් :ධචැබ ඩසිසඑ* ලබාදීමටත්, රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර, රස කැවිලි හා සනීපාරක්‍ෂක ද්‍රව්‍ය එක් රැඳවියකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමටත් අවස්ථාව හිමිවේ.
චමින්ද සිල්වා