නලින් බණ්ඩාරගේ රියේ හැපුණු තරුණයා මියයයි

54

අවයව දන් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාට අයත් බව කියන ජීප් රථයක ගැටී බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා පෙරේදා (11දා) ජීවිතක්ෂයට පත්වූ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

පසුගිය 3 වැනිදා නිට්ටඹුව, කෝන්ගස්දෙනිය හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මෙලෙස මියගොස් තිබුණේ කළගෙඩිහේන, තිහාරිය, පහලගම ප්‍රදේශයේ පදිංචිව සිටි ශානුක රවීන්ද්‍ර පෙරේරා නමැති 23 හැවිරිදි තරුණයෙකි.

අදාළ තරුණයා යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි නලින් බණ්ඩාර මහතාට අයත් බව කියන ජීප් රථයක් මෙලෙස ගැටී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩිසත්කාර ඒකකයේ දින 8ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්විය.

අනතුර සම්බන්ධයෙන් ජීප් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සංජීව මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

මේ අතර, ජීවිතක්ෂයට පත්වූ තරුණයා මියයෑමට පෙර තම අවයව දන්දීමට කැමැත්තක් ඇති බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ඔහුගේ වකුගඩු, අක්මාව ඇතුළු අවයවයන් පුද්ගලයන් තිදෙනකු සඳහා ලබාදී තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment