නලීන්ගේ ප‍්‍රශ්නයට කබ්රාල් නිහඬයි

169

මහ බැංකු අධිපති ධුරය භාර ගන්නේ දැයි සජබ මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් ඊයේ (7 දා* පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

එහෙත් කබ්රාල් මහතා ඊට කිසිදු පිළිතුරක් ලබාදුන්නේ නැත. වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්නයකට කබ්රාල් ඇමැතිවරයා පිළිතුරු ලබාදෙමින් සිටින අවස්ථාවකදී නලින් බණ්ඩාර මන්තී‍්‍රවරයා අතුරු ප‍්‍රශ්නයක් නඟමින් මේ බව විමසීය.

රාජ්‍ය ඇමැතිවරයා ඊට කිසිදු පිළිතුරක් ලබා නොදුන් අතර කථානායකවරයාද එම ප‍්‍රශ්නය ‘අදාළ නැතැයි’ කියා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment