නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය ජයගනියි

28

ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු රග්බි කණ්ඩායම, කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගණයේ පැවැති සංචාරයේ දෙවැනි සහ අවසන් තරගයේදී ලකුණු 32-6ක ජයග්‍රහණයක් වාර්තා කරමින් සිය කුළුඳුල් ජාත්‍යන්තර තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් විය. මෙම ීප්කක ඊක්ජනි කණ්ඩායම, දැඩි අභියෝගාත්මක තත්ත්වයන් යටතේ ක්‍රීඩා කරමින් සමස්ත තරගාවලියේ අදාළ තරග දෙකේදී ලකුණු 82-16ක් වශයෙන් පෙරමුණ ගෙන ශ්‍රීමත් ග්‍රැහැම් හෙන්රි කුසලාන තමන් සතු කරගත්තේය.

ඩයලොග් ආසිආටා පී.එල්.සී අනුග්‍රහයෙන් පැවැති තරග දෙකකින් යුත් මෙම තරගාවලියේ නිත්තවෙල පැවැති තරගය මෙන්ම කොළඹ පැවැති තරගයේදී ද ප්‍රේක්ෂකකාගාර ඉතිරී යෑම කැපී පෙනුණි.

මැයි 04 වැනි ඉරිදා පැවති ප්‍රථම තරගයේදී වෙනස් ආරකින් තරගයට ප්‍රවේශ වූ සංචාරක කණ්ඩායම ඔවුන් සතු වේගවත් ක්‍රීඩා විලාසය ක්‍රියාවට නංවමින් ලකුණු 50-10ක ජයක් ලැබීය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිමත් ආරක්ෂක පවුර මගහරිමින් උත්සහක දිනුම් 5ක්, ප්‍රවර්ථන 2ක් සහ එක් දඬුවම් පහරක් මගින් ප්‍රතිවාදීන් ලකුණු වාර්තා කරද්දී ශ්‍රී ලංකාවට ලකුණු ලබාගත හැකි වූයේ ෆ්ලයි-හාෆ් ක්‍රීඩක තරින්ද රත්වත්තේ විසින් රැස්කළ දඬුවම් පහර දෙකෙන් පමණි.

කණ්ඩායම් දෙකෙන්ම ඉතාම අනගි ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය විණි. ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා දක්ෂ හැකියාවක් සහිතව වර්ධනය වන පිරිසක්, යැයි තරගයේ වීරයා බෙන් මැග්සන් එහිදී පවසා සිටියේය.

තරගය ආරම්භයේදීම ක්‍රියාත්මක වූ නායක ජැරඩ් පර්සිවාල් 11 වැනි මිනිත්තුවේදී සහ 21 වැනි මිනිත්තුවේදී, පසුපෙළ මනා සම්බන්ධීකරණය සහ නිසි කල්යල් බැලීම මගින් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ නමුත් ඒවායේ ප්‍රවර්ථනයන් සාර්ථක නොවීය. නායක නයිජේල් රත්වත්තේ ආබාධයකට ලක්ව ඉවත්වීමේදී ආදේශක ක්‍රීඩකයා වශයෙන් පැමිණි තරින්ද රත්වත්තේ තරගයේ 23 වැනි මිනිත්තුවේදී දිගු දුරක සිට එල්ල කළ දඬුවම් පහර මගින් ශ්‍රී ලංකාව ලකුණු පුවරුවට රැගෙන ගියේය.

අනතුරුව ක්‍රියාත්මක වූ වින්ගර් ක්‍රීඩක පීටර් ස්වාර්ට්ස් තරගයේ පළමු අර්ධය අවසන් වීමට ආසන්නයේදී උත්සහක දිනුමක් වාර්තා කළ අතර පර්සිවාල් විසින් එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමත් සමග ලකුණු 17-3ක් ලෙසින් ලකුණු පරතරය වැඩි කරගැනීමට සංචාරක කණ්ඩායමට හැකිවිය. තරින්ද රත්වත්තේ විසින් තරගයේ 54 වැනි මිනිත්තුවේදී තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත්තද, නවසීලන්ත කණ්ඩායම ෆ්ලියි-හාෆ් ක්‍රීඩකයා ලෙසින් ආදේශ කළ ඊමෝන් රීලිගේ ඳඩුවම් පහර සහ ෆ්ලෑන්කර් ක්‍රීඩක ටොෂ් ගෙලර්ට්ගේ උත්සහක දිනුම සාර්ථිකව ප්‍රවර්ථනය කරගනිමින් ීප්කක ඊක්ජනි කණ්ඩායම තරගයේ පාලනය සහමුළින්ම සියතට ගත්හ. තරගාවලියේ වීරයා වූ ෆ්‍රැන්සිස් මොරිසන් 70 වන මිනිත්තුවේදී අවසන් උත්සහක දිනුමත් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කළේය.

සමස්ත තරගාවලියේදී සිය මනා හැකියාව ප්‍රදර්ශනය කරමින් නවසීලන්තය විසින් උත්සාහක දිනුම් 13ක්, ප්‍රවර්ථන 7ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කරන අතරවාරයේ ශ්‍රී ලංකාව ප්‍රවර්ථනය සාර්ථක කරගත් උත්සායක දිනුමක් සහ දඬුවම් පහර තුනක් මගින් ලකුණු රැස්කරගෙන තිබුණි.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව ලබාගත් අත්දැකීම්, හොංකොං දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් සමගින් නුදුරේදී පැවැත්වීමට නියමිත ආසියානු පිරිමි රග්බි ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට මහත් සේ උපකාරී වනු ඇත.

ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ ෑිචදරඑි ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සහ ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරිනැමීම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගි වීමට හැකියාව සලසමින්, ක්‍රීඩාවේ විවිධත්වය, සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් අඛණ්ඩව කටයුතු කරනු ලබයි.


advertistmentadvertistment