නව දුම්රිය මාර්ගයක් ජනතා අයිතියට

651

ඉන්දීය ණය ආධාර යටතේ ඉදිකළ අනුරාධපුරය සිට මිහින්තලය හන්දිය දක්වා වූ නව දුම්රිය මාර්ගය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නවීකරණය කරන ලද මිහින්තලේ දුම්රිය මාර්ගය අද විවෘත විය.ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය මහජන අයිතියට පත් කරන ලදී.කිලෝ මීටර් 14.78ක මෙම මාර්ගයට පාළම් දෙකක් ඇතුළත්ය.එසේම මිහින්තලය දුම්රිය ස්ථානය, මිහින්තලේ හන්දිය උප දුම්රිය ස්ථානය, සමගිපුර සහ අශෝකපුර දුම්රිය නැවතුම් පොළ මෙම දුම්රිය මාර්ගයට ඇතුළත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment