නාගදීපයට ගිය බෝට්ටුව පෙරළී අයෙක් ජීවිතක්‍ෂයට: – තිදෙනකුට තුවාල

78

යාපනයේ කූරිකඩ්ඩුවාන් සිට නාගදීපය දක්වා භාණ්ඩ රැගෙන යමින් තිබූ බෝට්ටුවක් හදිසියේම පෙරළී යෑමෙන් එහි ගමන් ගත් එක් අයකු මියගොස් තවත් තිදෙනකු පෙරේදා (02 දා) තුවාල ලබා තිබේ. භාණ්ඩ පටවාගෙන ගිය බෝට්ටුව එක්වරම පෙරළී යෑමත් සමගම එහි ගමන් ගත් සිව්දෙනකු මුහුදට වැටී තිබේ.

ඉන් තිදෙනකු පිහිනා ගෙන ගොස් වෙනත් බෝට්ටුවක එල්ලී දිවි ගලවා ගැනීමට සමත් වූවත් එක් අයකු මුහුදේ ගිලී අතුරුදන් වී තිබේ.

පසුව ඔහුගේ මළසිරුර හමුවී ඇති අතර පරීක්ෂණ කටයුතු සඳහා මළසිරුර පුංගුඩුතිව් රෝහල වෙත භාර දී තිබේ.

අධික සුළං සහිත කාලගුණයක් තිබියදී බෝට්ටුවට අධික ලෙස බර පටවාගෙන ප්‍රවාහනය කිරීම නිසා එම බෝට්ටුව පෙරළී යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනාද රෝහල් ගත කොට ඇති අතර ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment