රන්ජන්ට වරෙන්තු

620

විවාහ පොරොන්දුවක් දී මහනුවර ප්‍රදේශයේ පාසලක ගුරුවරියකගෙන් රුපියල් මිලියනක මුදලක් ලබාගෙන ආපසු නොදුන්නේ යැයි කියන සිද්ධියකට අදාළ නඩුවක චූදිතයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අධිකරණයේ පෙනී නොසිටීම නිසා මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා ඊයේ (21) ඔහුට වරෙන්තු නියම කළේය.

අදාළ පාසල් ගුරුවරිය විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් නඩුව පවරා තිබිණි.

වර්ෂ 2010 දී අදාළ පාසල් ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංජන් රාමනායක මහතා පසුව ඇප මත මුදාහරිනු ලැබූ අතර එම අවස්ථාවේ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ ඇපකරුවකු මෙදින අධිකරණයේ පෙනී සිටි අතර අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඔහුට ද තරයේ අවවාද කළේය.

නඩුව සැප්තැම්බර් මස 06 වැනිදා යළි කැඳවීමට නියමිතය. මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්. උවින්දසිරි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment