නිට්ටඹුව සත්ව ගොවිපල සේවකයකුට තවත් සේවකයින් දෙදෙනෙක් කණුවක ගැටගසා මැරෙන්නම පහර දීලා

730

නිට්ටඹුව සත්ව ගොවිපලක සේවකයකුට තවත් සේවකයින් දෙදෙනෙක් කණුවක ගැටගසා පහර දී ඝාතනය කර තිබේ.

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිට්ටඹුව ඌරලින් කන්ද ප්‍රදේශයේ සත්ව ගොවිපලක සේවකයෙකු ඉකුත් 26 වනදා අලු‍යම එම ගොවිපළෙහි කණුවක ගැට ගසා පොලු‍ මුගුරුවලින් පහර දී ඝාතනය කළ එම

ගොවිපළෙහි තවත් සේවකයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි.

මියගිය ගොවිපල සේවකයා සිද්ධිය සිදුවූ දිනට පෙර දින එහි රැකියාවට පැමිණ ඇති බවත් පසු දින රාත්‍රියේ දී ඔහු සත්ව ගොවිපලෙහි භාණ්ඩ කීපයක් සොරාගෙන පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ එහි තවත් සේවකයින් දෙදෙනෙකු විසින් ඔහු අල්ලා කණුවක ගැටගසා පසුව පොලු‍ මුගුරුවලින් පහර දී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

පහර කෑමට ලක්වූ සේවකයා 26දා දහවල් වන විට එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අත්තනගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් සිද්ධිය සිදු වූ ස්ථානයේ ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

අදාළ පහරදීම සිදුකළ ගොවිපළෙහි සේවකයන් දෙදෙනා නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment