නුවරඑළිය සතිපොළේ සෑම එළවළුවක්ම රු. 450 ට වැඩියි – පාරිභෝගිකයන් පැමිණීමේ විශාල අඩුවක්

149

නුවරඑළිය සතිපොළේ උඩරට සහ පහතරට සෑම එළවළු කිලෝවකම මිල රු. 450 න් ඉහළට පැවතීම නිසා පාරිභෝගිකයෝ එළවළු මිලදී ගැනීමෙන් වැළකී සිටින බව නුවරඑළිය සතිපොළේ වෙළෙඳුන් මැසිවිලි නඟති.

නුවරඑළිය සතිපොළින් එළවළු මිලදී ගැනීමට සංචාරකයන් මෙන්ම ප‍්‍රදේශවාසීන්ද පැමිණෙන බවත්, එළවළු මිල ඉහළ යෑම හමුවේ එම පාරිභෝගිකයෝ සතිපොළට පැමිණීමේ විශාල අඩුවක් පවතින බව සතිපොළේ වෙළෙඳුන් කියා සිටී.

නුවරඑළිය සතිපොළේ කාලයක් තිස්සේ එළවළු වෙළෙඳාමේ නියැලී සිටි ව්‍යාපාරිකයන් එම ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වී වෙනත් ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින අතර එම සතිපොළේ වෙළෙඳුන් කියා සිටින්නේ නුවරඑළියේ ආර්ථිකය රැුඳී ඇත්තේ කෘෂි කර්මාන්තය පදනම් කරගෙන බවයි. ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර, කෘමිනාශක සහ දිලීර නාශක ලබා දෙන්නේ නම් නුවරඑළියේ කෘෂි ආර්ථිකය ඉහළ ගොස් එළවළු මිල පහත වැටෙන බවයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment