නෙදර්ලන්ත ක්‍රීඩකයන් දෙදෙනකුට ලෝක කුසලාන වරම් නැතිවෙයි

692

එළැඹෙන පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති නෙදර්ලන්ත සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආබාධයන්ට ගොදුරු වීම නිසා ෆ්‍රෙඩ් ක්ලාසෙන් සහ ඩැනියෙල් ඩොරාම්ට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමිව යනු ඇති බව සඳහන්ය. ඔවුන් දෙදෙනා වෙනුවට කයිල් ක්ලේන් සහ සකිබ් සුල්ෆිකුර් නෙදර්ලන්ත සංචිතයට කැඳවා තිබේ.

ස්කොට් එඩ්වඩ්ස්ගේ නායකත්වයෙන් යුත් නෙදර්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනකු ඇතුළත්ය.

එළැඹෙන ජූනි මස 1 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානයේදී නෙදර්ලන්තය මුහුණදෙන පළමු තරගය 4 වැනිදා නේපාලයට එරෙහිව පැවැත්වෙනු ඇත. ඉන් අනතුරුව 8 වැනිදා දකුණු අප්‍රිකාවට මුහුණදෙන නෙදර්ලන්තය, 13 වැනිදා බංග්ලාදේශයට මුහුණදෙනු ඇත. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මස 17 වැනිදාය.

advertistmentadvertistment
advertistmentadvertistment