නෙදර්ලන්ත තරුණිය පැදවූ ත්‍රිරෝදය පෙරළී යයි – පෙම් යුවළට තුවාල

715

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

කොස්ලන්ද පොලිස් වසමේ වැල්ලවාය බෙරගල මාර්ගයේ කැලිපනාවෙල හන්දිය අසලදී ත්‍රීවීල් රථයක් පාරෙන් ඉවතට පෙරළීමෙන් නෙදර්ලන්ත ජාතික පෙම් යුවළකට තුවාල සිදුවී ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.
නෙදර්ලන්ත ජාතික තරුණියක වන ලොනී හයිමන්ස් නමැති 29 හැවිරිදි මෙම තරුණිය විසින් පදවන ලද ත්‍රීවීල් රථයෙන් තම පෙම්වතා වන 32 හැවිරිදි ජනී සෙන්ඩස් යන අය සමග දියලුම ඇල්ල නැරඹීමට යමින් සිටියදී ත්‍රීවීල් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයෑමෙන් මෙම අනතුර සිදුවී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා සහ තරුණිය දැනට වැල්ලවාය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
කොස්ලන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපති එන්.එම්. ජයසුන්දර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment