පර්ල් නැවේ හානිය සොයන්න කාරක සභාවක් ඕනෑ-රනිල්

215

පර්ල් එක්ස්ප්‍රස් නැවෙන් මෙරටට සිදුවූ හානිය සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ නිකුත් කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර සිටී.
එම නැව මගින් සිදුවූ පරිසර හානිය , ආර්ථික හානිය සහ වන්දි ගණනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මෙමගින් සොයා බලා ගත යුතු නිර්දේශ නිකුත් කරන්නැයිද ඔහු විසින් කරන ලද ඉල්ලීම මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයටද ඇතුලත් කර ඇත.


advertistmentadvertistment