ප්‍රංශ ජනාධිපති පැය 02කට දිවයිනට

576


ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අද (28) පස්වරුවේදී මෙරටට ළඟාවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
පැපුවා නිව්ගිනියා සංචාරය අතරතුර එමානුවෙල් මැක්‍රෝන් ජනාධිපතිවරයා මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර ඇත.
මෙම සංචාරය තුළදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී කලාපීය හා ගෝලීය අභියෝග පිළිබඳව අවධානය යොමුවනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසූ අතර ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකා සංචාරයක නිරත වන ඉතිහාසයේ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment