ප්‍රංශ නළුවකුගේ නිවසින් ගිනිඅවි 72ක් මතු වේ

255

පැරණි ප්‍රංශ සිනමාවේ දැවැන්තයකු වූ ඇලේන් ඩෙලොන්ගේ නිවසෙහි තිබී ගිනි අවි 72 ක් හා වෙඩි උණ්ඩ 3000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ.

ප්‍රංශයේ පැරිස් නගරයට කිලෝ මීටර් 135ක් දකුණින් පිහිටි ඩවුචි මොන්ට්කෝබොන් ප්‍රදේශයේ පිහිටි 88 හැවිරිදි වියෙහි පසු වන සිනමා නළු ඩෙලෝන්ගේ නිවස, වැටලූ අවස්ථාවේදී එහි තිබූ වෙඩි තැබීම් සිදුකරන ස්ථානයක්ද ප්‍රංශ පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඩෙලෝන් හට තුවක්කුවක් ළඟ තබා ගැනීම සඳහා වන බලපත්‍රයක් ද නොමැති බව අනාවරණය වී තිබේ. ආඝාතය ඇතුළු රෝග ගණනාවකින් පෙළෙන ඩෙලෝන්ගේ පවුල් ජීවිතය ද බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


advertistmentadvertistment