අයිපීඑල් කාන්තා කිරුළ සුපර්නෝවාස් කණ්ඩායමට

157

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියට සමගාමීව සංවිධාන කළ කාන්තා විස්සයි – 20 අභියෝගතා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් තරග කළ සුපර්නෝවාස් කණ්ඩායම සමත් විය.

පූනේහිදී පෙරේදා (30 වැනිදා) පැවති එම අවසන් තරගයේ අනුශූරතාව දීප්ති ෂර්මාගේ නායකත්වයෙන් තරග කළ වලෝසිටි කණ්ඩායමට හිමි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සුපර්නෝවාස් පිල කඩුලු 7ක් දැවී ලකුණු 165ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය වෙලෝසිටි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 161 ක් පමණි.

ලෝරා වොල්වාර්ද් නොදැවී ලකුණු 65ක් සහ සිම්රන් බහදූර් නොදැවී ලකුණු 20ක් රැස් කළ අතර, සෙසු පිතිකාරිනියන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට සුපර්නෝවාස් පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී ඇලනා කිං කඩුලු 3ක් දවා ගත්තාය.

සුපර්නෝවාස් පිලට සාර්ථක ආරම්භයක් දුන් ඩින්ද්‍රා ඩොටින් ලකුණු 62ක් රැස් කළ අතර, නායිකා හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 43ක් සහ ප්‍රියා පුනියා ලකුණු 28ක් ඉනිමට එක් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment