ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් තුළ සිදුවිය හැකියි – ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය කියයි

0

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ජල සම්ප්‍රේෂණ නළයක් තුන් මෝදර වක්ඔය පාලම අසලදී බිඳවැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් තුළ සිදුවිය හැකි යැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (03දා) සඳහන් කළේය.

ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියන යන ප්‍රදේශවල දෛනික ජල පරිභෝජනය අධික වේලාවන්හිදී එසේ අඩු පීඩන තත්ත්වයක් තුළ ජලය සැපයෙනු ඇති බවත් එම මණ්ඩලය කියයි.

පෙරවරු 6.00 සිට 9.00 දක්වා සහ පස්වරු 5.00 සිට 9.00 දක්වා යන කාලසීමාව දෛනික ජල පරිභෝජනය අධික වේලාවන් බව යැයි ද එම මණ්ඩලය පවසයි.

ගැටලුවට පිළියම් යෙදීම මේවන විට ආරම්භ කර ඇති බවත් කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන සමාන්තර අනෙකුත් ජල නළ මාර්ග හරහා ජලය ලබාදීමට කටයුතු කර ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment