ප්‍රාථමික පාසල්වලට නවීන පහසුකම් දීමට සාකච්ඡාවක්

23

දිවයින පුරා තිබෙන ප්‍රාථමික පාසල් 312කට නවීන පහසුකම් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

‘ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතිය’ මැයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ සාකච්ඡාව පසුගිය සිකුරාදා (16දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

සාකච්ඡාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රතිපත්ති හා සැලසුම් ජයනි ප්‍රසංගිකා, අතිරේක ලේකම් ප්‍රතිපත්ති සැලසුම් හා කාර්ය සාධන සමාලෝචන සුජාතා කුලේන්ද්‍ර කුමාර් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
චමින්ද සිල්වා


advertistmentadvertistment