කඳුරට යෝධයා ජනක කාංචන මුදන්නායකගේ අටවැනි ගිනස් ලෝක වාර්තාව පිහිටුවයි

349

ගිනස් ලෝක වාර්තා හතක් පිහිටුවා ඇති ජනක කාංචන මුදන්නායකගේ (කඳුරට යෝධයා) අටවන ගිනස් ලෝක වාර්තාව පිහිටුවීම 29 දින මහනුවර සහස් උයන පරිශ්‍රයේදී ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කඳුරට යෝධයා ජනක කාංචන මුදන්නායකගේ අටවැනි ගිනස් ලෝක වාර්තාව පිහිටුවයි

මෙහිදී විනාඩියක කාලයක් ඇතුළත තම දෑත මත සිමෙන්ති කොන්ක්‍රීට් ගල් 26 ක් කැඩීම සිදුවිය. ගිනස් වාර්තා කමිටුවේ අධීක්‍ෂණය මත මෙය සංවිධානය වී පැවැති අතර දැනට පවතින ගිනස් වාර්තාව වනුයේ විනාඩියක කාලයක් ඇතුළත තම දෑත මත සිමෙන්ති කොන්ක්‍රීට් ගල් 22 ක් කඩා පැවැතීමය.

හඟුරන්කෙත පදිංචි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ජනකගේ බලාපොරොත්තුව ගිනස් වාර්තා 18 ක් පිහිටුවීම බව ඔහු පවසයි.

මෙය අධීක්‍ෂණය සඳහා මහනුවර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ගිනස් කමිටු ශ්‍රී ලංකා සාමාජික ඉන්දික ජයලත්, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ අතුල ජයවර්ධන ඇතුළු පිරිසක් එක්වූහ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment