පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභාවට – නව යාන්ත්‍රණයක් එයි

1046

ලබන වසර අවසාන වන තුරු මැතිවරණයක් නොපැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බැවින් පළාත් පාලන, පළාත් සභා යන ආයතනයන්හි කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ මධ්‍යම රජය යන අංශ තුනෙන්ම ජනතාවට සේවා සැපයීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කර මසක් ඇතුළත ඒ පිළිබඳව වාර්තාවක් සකසන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ මධ්‍යම රජය යන අංශ තුනෙන්ම එකම සේවාව සිදුවන අවස්ථාවලදී මුදල් නාස්තියකින් තොරව එම කටයුතු සිදු කිරීම සම්බන්ධව අවධානය යොමු කර මෙම යාන්ත්‍රණය සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම්දී ඇත.

මේ වනවිට පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසා එහි සම්පූර්ණ පාලන බලය ඇත්තේ පළාත් ආණ්ඩුකාරවරුන්ට ය. පළාත් පාලන ආයතනයන්හි බලය පළාත් ලේකම්වරුන්ට පැවරී ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment