පාසල් කරාතේ දෝ කණ්ඩායම අද මැලේසියාවට

22

ක්වාලාලම්පූර් කුසානො හා විවෘත කරාතේ ශුරතා තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ කණ්ඩායම අද (24 වැනිදා) දිවයිනෙන් පිටත්ව යති. මෙම තරගාවලිය අද සිට 29 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ කණ්ඩායම දිවයිනේ පාසල් 27 කින් ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන්ද ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන්ද සමන්විත වෙති.

පිරිමි කණ්ඩායම වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ එච්. වයි. එම්. පෙරේරා මෙහෙයවනු ලබන අතර කාන්තා කණ්ඩායම කොළඹ කාන්තා විද්‍යාලයේ මහේලි අනුජනා රණසිංහ මෙහෙයවනු ඇත.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම- සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment