මුලතිව්වල කැස්බෑවුන් මැරීමේ ජාවාරමක් සැකකරුවකු කැස්බෑවකු සමග අත්අඩංගුවට

34

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී මස් පිණිස රැගෙන ගිය කැස්බෑවෙකු සමග පුද්ගලයෙකු පොලිසිය විසින් ඉකුත් 20 දා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත ගොස් සැකකරුව පරීක්ෂා කිරීමේදී එම කැස්බෑවා පණපිටින් සිටියදී හමු වී තිබේ. මේ දිනවල මස් මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම නිසා කැස්බෑ මස් කිලෝවක් රුපියල් 1500 කට ඉතා පහසුවෙන් අලෙවි කිරීමට හැකි නිසා මුලතිව් ප්‍රදේශයේදී කැස්බෑවන් මරා මස් කිරීමේ සිද්ධීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් සැකකරු මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර ජීව කැස්බැවා වනජීවී නිලධාරීන් වෙත භාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment